කන්න දෙකක් සියලු වී ගොවීන්ට ’’බන්ඩි’’ නොමිලේ

2024/25  මහ කන්නය හා 2025/26 මහ කන්නයේ   සියලුම වී ගොවීන්ට නොමිලයේ MOP හෙවත් බන්ඩි පොහොර ලබා දීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය වෙතින් රජය කළ කරන ලද ඉල්ලීමක් පරිදි බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000 ප්‍රමාණයක් මේ අනුව ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත.

පොහොර බෙදාහැරීම වැනි කටයුතු සඳහා රුපියල් බිලියන එකහමාරක පමණ මුදලක් වැය වන බවත් එම මුදල රජය විසින් දැරීමට පියවර ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම මෙම කටයුතු සඳහා තමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබුණ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *