කන්ද උඩ හෝටල් සංකීරණයට ගම්වාසීන්ගේ විරෝධය

නාය අවදානම් සහිත මහනුවර උඩුවෙල දඵපොතකඩ කන්දේ ඉඳිකරමින් යන හෝටල් සංකීර්ණයක් හේතුවෙන් ගම්මාන රැසක ජනතාව  ජීවිතාරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා   දඵපොතකඩ නගර මධ්‍යයේදී විරෝධතාවයක නිරත වුහ.

අඵපොතකඩ, මොනරංගල, වතුලියද්ද, බෝගහලන්ද , සිල්ලරතැන්න , කන්දගම ආදී අවදානමට ලක්වූ ගම්මානවල ගැමි ජනතාව සමඟ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ලැසක්ද ඊට එක්වී සිටියෝය.

අදාල හෝටල් සංකීර්ණය ඉඳිකිරීමේදී පැරණි ගම්සභා මාර්ගයක් මෙන්ම ජල මූලාශ්‍ර රාශියක්ද අවහිරකර ඇතැයි පෙන්වාදෙන විරෝධතාකරුවන් ඒ සම්බන්ධයෙන් රජයේ අදාළ වඟකිවයුතු අංශ වහා මැදිහත්ව කඩිනම් විසදුම් ලබාදෙන ලෙසට එම විරෝධතාකරුවෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *