කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවට විපක්ෂයෙන් අත්සන් තැබේ

පාර්ලිමේන්තු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට විපක්ෂ මන්ත්‍රීවරු   අත්සන් තබා තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී මෙම අත්සන් තැබීම සිදු කර ඇත.

ඒ සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙකු සහභාගී වී තිබේ.

මෙම පියවර මඟින් කථානායකවරයාගේ තනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක්‍රියාමාර්ගයක් ඔස්සේ අභියෝග කිරීමට විපක්ෂය උත්සාහ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *