කතානායකටත් විශ්වාසභංගයක්?

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතාට එරෙහිවද විශ්වාසභංග  යෝජනාවක් ගෙන එන බව සමගි ජන බලවේගයේ  මහ ලේකම් මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී  පැවසුවේය.

කථානායකවරයා විපක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරැකීමට කටයුතු නොකරන හෙයින් විශ්වාසභංග  යෝජනාවක් මෙසේ ගෙන එන බවද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය  මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් භාරදෙනු ලැබූ විශ්වාසභංග  යෝජනාව භාරගත නොහැකි බවට කතානායකවරයා ප්‍රකාශයක් කළ අවස්ථාවේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *