එන්.පී.පී තංගල්ල නගර සභා අය වැය පරාදයි

තංගල්ල නගර සභාවේ ජාතික ජන බලවේගයේ මංගල අයවැය එක් ඡන්දයකින් අද පරාජයට පත්විය.

සභාපති පී.පී.ජී.නන්දසිරි මහතා (ජා.ජ.බ) 2026 වසර සදහා අයවැය ලේඛනයේ කෙටුම්පත අද උදේ සභාවට ඉදිරිපත් කළ අතර ඡන්ද විමසීමේදී අයවැය ලේඛනයට පක්ෂව ඡන්ද 09 ක්ද විපක්ෂව ඡන්ද 10 ක්ද ලැබීමෙන් එක් ඡන්දයකින් අයවැය පරාජයට පත්විය.

තංගල්ල නගර සභාවේ සම්පූර්ණ සභික සංඛ්‍යාව 19 කි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයට සභික ධුර 09 ක්ද , සමගි ජන බලවේගයට සභික ධුර 05 ක්ද ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 03 ක්ද එක්සත් ජාතික පක්ෂයට 01 සභික ධුරයක්ද, සර්ව ජන බලයට 01 සභික ධුරයක්ද හිමිවී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *