“එජ් කෝඩ් ප්‍රෝ” මාර්ගගත වේදිකාව හෝ එහි නිලධාරීන් සමග කිසිඳු සම්බන්ධතාවයක් නැ -ඔටාරා

“එජ් කෝඩ් ප්‍රෝ” නම් මාර්ග ගත වේදිකාව තමාගේ නම, ඡායාරූප සහ වීඩියෝ වංචාසහගත ලෙස සංස්කරණය කර යොදාගෙන ඇති බවට දැනගන්නට ලැබී ඇති බවත් මෙරට ජනතාවට ඉන් ප්‍රවේශම් වන ලෙස ඉල්ලා සිටින බවත් ශ්‍රී ලාංකික ව්‍යවසායිකාවක් සහ සත්ව සුභසාධනය සඳහා පෙනී සිටින්නියක් වන ඔටාරා ගුණවර්ධන මහත්මිය ඊයේ(07) නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවූවාය.

තමාට “එජ් කෝඩ් ප්‍රෝ” මාර්ගගත වේදිකාව හෝ එහි නිලධාරීන් සමග කිසිඳු සම්බන්ධතාවයක් නැතැයිද ගුණවර්ධන මහත්මිය පැවැසුවාය.

මෙම වේදිකාව සමග සම්බන්ධවීමට පෙර අදාළ වගකිවයුතු රජයේ බලධාරීන්ගෙන් තහවුරු කිරීමක් ලබා ගන්නා ලෙසත් “එජ් කෝඩ් ප්‍රෝ” සමග සම්බන්ධවීමේදී ඉතාමත් ප්‍රවේශම් සහගතවන ලෙසත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ඇය ප්‍රකාශ කළාය.

මෙම කාරණය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස සිය නීතිඥයින්ට උපදෙස් ලබාදී තිබෙන බවද ඇය පැවැසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *