පැය තුනට දොලොස් දහසක් මාකුඹුරට

දින තුනක දීර්ඝ සති අන්තයක් පාසල් සහ විශ්ව විද්‍යාල නිවාඩු ලබාදීමත් මත ගම්බිම් බලා යාම සදහා පැය තුනක කාලයක් ඇතුළත මගීන් දොළොස්දහසකට වැඩි ප්‍රමාණයක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ඊයේ (07) දින සවස පැමිණ සිටි බව ජාතික ගමනාගමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂක (ධාවන) ශෙරීන් අතුකෝරළ මහත්මිය පැවසුවාය.

ඒ අනුව ඊයේ (07) දින සවස 4.30 සිට 7.30 දක්වා කාලය තුළ මෙලෙස මගීන් දොළොස් දහසකට වැඩි ප්‍රමාණයක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් තම ගමනාගමන අවශ්‍යතා ඉටුකරගෙන ඇත.

වැඩිම මගින් ප්‍රමාණයක් ගාල්ල මාතර හම්බන්තොට ප්‍රදේශ සඳහා පිටව ගොස් ඇත.

එක්වරම විශාල මගින් ප්‍රමාණයක් මෙලෙස බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ළඟාවීම නිසාවෙන් මගීන්ට පැයකට වැඩි කාලයක් මධ්‍යස්ථානය තුළ රැඳී සිටීමට සිදුව ඇති අතර එක් බස් රථයක් පිටත් වන විට අනෙක් බස්රථය බස් රථ ගාල්ලට යොමු කිරීමට කටයුතු කර තිබූ බවද සෙරීන් අතුකෝරල මහත්මිය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *