කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු 1007 මගි ප්රවාහන දුම්රිය පිලි පැනිමෙන් උඩරට දුම්රිය ධාවන කටයුතු වලට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර 106 ¼ සැතපුම් කණුව අසලදි (25) දින පස්වරු 4 ට පමණ එම දුම්රියේ නැරඹුම් මැදිරිය පිලි පැන ඇති බවයි දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ.
පිලි පැනිමට ලක් වු දුම්රිය නැරඹුම් මැදිරිය සෙසු මැදිරිවලින් ගලවා ඉවත් කර දුම්රිය බදුල්ල දක්වා ධාවනය කිරිමට දුම්රිය පාලක මැදිරිය පියවර ගෙන ඇත.
බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු 1008 මගි ප්රවාහන දුම්රිය දුම්රිය පිලි පැනිම හේතුවෙන් දුම්රිය ස්ථානයේ නතර කර ඇත.
පිලි පැනිමට ලක් වු මගි ප්රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය පිලිගත කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව පාලක මැදිරිය පැවසිය.