උඩදුම්බර සුළු භූ චලනයක්

මහනුවර ,උඩදුම්බර ප්‍රදේශයේ දේවහන්දිය ගම්මානයට ඊයේ (08) පස්වරු 5.05ට පමණ සුළු භූ චලනයක් සිදුව ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය  කියයි.

එය රික්ටර් මාපකයේ ඒකක 2.2ක් ලෙස වාර්තා වී ඇති බව සඳහන් වේ.

මඬුල්ල, කලවල, මහවල, උඩපිටවල, තේමණ්ඩිය, පපුකන්ද යන ප්‍රදේශවල ජනතාවට මෙම කම්පනය දැනී ඇති බවද කියයි.

කෙසේවෙතත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ එය සුළු කම්පනයක් බැවින් ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බවය.

මේ පිළිබඳව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  ජ්‍යෙෂ්ඨ  භු  විද්‍යාඥ මහාචාර්ය අතුල සේනාරත්න මහතාගෙන් විමසු විට ඒ මහතා පැවසූවේ මහනුවර  දිස්ත්‍රික්කයේ උඩදුම්බර  කේන්ද්‍රිව  රිට්ටා මාපකයේ  2.2  වශයෙන්   සටහන් වී ඇති බවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *