ඉල්ලීම් 19න් 17 කට විසඳුම් ලබා දීමට වන පොරොන්දුව මත වර්ජනය අවසන් කළා

වැඩවර්ජනයට යාමට මූලික වුණු කරුණු 19න් 17කට මාසයක කාලයක් තුළ විසඳුම් ලබා දෙන බවට විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එකඟත්වය පළ කිරීම සහ එය ලිඛිතව ලබා දීම හේතුවෙන් තැපැල් වැඩ වර්ජනය අවසක් කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.

අමාත්‍යවරයා සමග ඊයේ(24දා) පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *