ජපානයේ නගෝයා නුවර පැවැත්වෙන 2026 ආසියානු පැරා ක්රීඩා උළෙලේ පිරිමි T47 දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 6.55ක දුරක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකාවේ මොහොමඩ් සෆ්රාන් සමත් වී තිබේ. ඔහු සිය අවසන් උත්සාහයේදී මෙම දක්ෂතාව දැක්වූ අතර, එය මෙවර ක්රීඩා උළෙලේ ශ්රී ලංකාව දිනාගත් පළමු පදක්කම ද වේ.
එම ඉසව්වට සහභාගී වූ ශ්රී ලංකාවේ යූසුෆ් සල්මාන් මීටර් 6.28ක දුරක් වාර්තා කරමින් සිව්වැනි ස්ථානයට පත්වූ අතර, බුද්ධික හේෂාන් මීටර් 6.11ක දුරක් වාර්තා කරමින් පස්වැනි ස්ථානය හිමිකර ගත්තේය.
මේ අතර, කාන්තා T47 මීටර් 200 ඉසව්වේ මූලික වටයේ තරගයකට සහභාගී වූ ජනනි ධනංජනා වික්රමසිංහ තත්පර 25.80ක සිය පෞද්ගලික හොඳම කාලය වාර්තා කරමින් දෙවැනි ස්ථානයට පත්වූවාය.
රෝද පුටු ටෙනිස් ඉසව්වේදී ශ්රී ලංකාවේ ගාමිණී දිසානායක ඉරානයේ මොහොමඩ් හමීඩ් තරග වට 2-0කින් පරාජය කිරීමට සමත් විය. එහිදී ඔහු තරග වට 7-5ක් සහ 6-3ක් ලෙස ජයගත්තේය.
ශ්රී ලංකාව වෙනුවෙන් ඉදිරියේදී තීක්ෂණ ජයතිලක F57 කවපෙත්ත විසි කිරීමේ සහ යගුලිය දැමීමේ අවසන් තරග සඳහා සහභාගී වීමට නියමිතය. සෆ්රාන්, සල්මාන් සහ මදුරංග සුබසිංහ ද තම තමන්ගේ මීටර් 100 මූලික වටයේ තරග සඳහා සහභාගී වීමට නියමිතව සිටිති.


