ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති සහ සාමාජිකයෙකු ලෙස පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පැවසීය.
මණ්ඩලයට පත් කරන ලද අනෙකුත් සාමාජිකයින් වන්නේ විෂ් ගෝවින්දසාමි, හර්ෂනි රන්දිලිගම, මංගල කරුණාරත්න සහ කේ. ඒ. විමලේන්තිරරාජා ය.
ජනාධිපති ලේකම් ආචාර්ය අයි. සනත් කුමානායක මහතා විසින් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔවුන්ට පත්වීම් ලිපි ප්රදානය කරන ලදී.


