ආපදා පීඩිතයන්ට ඉඩම් දෙන්න අවස්ථාවක්

සුළි කුණාටු  ආපදාවෙන් පූර්ණ නිවාස හානි සිදු වූ පවුල් සඳහා නිවාස ඉදිකර දීමේ ව්‍යාපෘතියට ඉඩම් පරිත්‍යාග කිරීමට දිවයින පුරා පරිත්‍යාගශීලීන්ට  අවස්ථාව ලබා දී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

www.rebuildingsrilanka.gov.lk වෙබ් අඩවියෙන් හෝ  1800 යන දුරකථන අංකය ඇමතීමෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකි අතර, ඉඩම් පරිත්‍යාගශීලීන්ගේ තොරතුරු  0112331246 යන ෆැක්ස් අංකයටද යොමු කළ හැකිය.

ආපදාවෙන් පීඩාවට පත්  කිසිදු පුරවැසියෙකු අත්නොහැර, ඔවුන්ගේ ජීවිත පැවති තත්ත්වයට වඩා උසස් මට්ටමකින් යළි ගොඩනැගීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති කාර්යාලය පවසයි.

එම ජනතාව වෙනුවෙන් ‘Rebuilding Sri Lanka’ වැඩසටහන සමඟ සක්‍රීයව අත්වැල් බැඳ ගන්නා ලෙස දිවයින පුරා සියලු පරිත්‍යාගශීලි ජනතාවට රජය ආරාධනා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *