අලි ඇතුන් හොරෙන් පෙන්වන ජාවාරමක්?

කවුඩුල්ල ජාතික උද්‍යානයේ වන අලින් පෙන්වා රජයට ලැබිය යුතු මුදල් හොර රහසේ කාලයක් තිස්සේ  ලබාගත් ජාවාරමක් හෙළිකර ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවේ වැටලීම් කණ්ඩායමකට හැකි විය.

වනජීවී අධ්‍යක්ෂක ජෙනරාල් රන්ජන් මාරසිංහ මහතාට විශ්වාසදායී තොරතුරකින් ලැබී ඇත්තේ කවුඩුල්ල ජාතික උද්‍යානයේ වන අලින් නැරඹීම සඳහා යන ජීප් රථ ප්‍රවේශපත්‍ර ලබා නොගෙන ඇතුළු වී විදේශිකයන් විසින් ලබාදෙන රජයට ලැබිය යුතු මුදල ඔවුන් ලබා ගන්නා රහසිගත ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව පසුගිය දා කොළඹ ප්‍රධාන කාර්යාලයේ විශේෂ වැටලීම් නිලධාරී කණ්ඩායමක් කවුඩුල්ල ජාතික වන උද්‍යානයට ගොස් වන උද්‍යානයේ ඇතුළ ඇතුල් වී විදේශිකයන්ට වන අලින් පෙන්වමින් සිටි ජීප් රථ පරීක්ෂාවට ලක් කොට තිබේ.

එහිදී ප්‍රවේශපත්‍ර ලබා නොගෙන ඇතුලත් වී තිබූ ජීප් රථ දහයක් පමණ අනාවරණය කර ගැනීමට වැටලීම් කණ්ඩායමට හැකි වූ බව වනජීවී අධ්‍යක්ෂක ජනරාල් රන්ජන් මාරසිංහ මහතා පැවසීය.

මේ ජාවාරමේ සිදුවන ආකාරය සහ සිදුකරන ලද විමර්ශන වල ප්‍රගතිය අප කළ විමසීමකදී වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළේ එහි බොහෝ තොරතුරු රැසක් පවතින බවත් ඉදිරි විමර්ශන කටයුතු වලට බාධාවක් නිසා එය ප්‍රකාශ කිරීමට තවමත් ප්‍රමාද වන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *