අල්ලස් ගත් එස්.අයි. රිමාන්ඩ්

පහරදීමක් සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් පාර්ශවයක් හරහා රුපියල් දහදාහක අල්ලසක් ගැනීමට උත්සාහ ගත් බව කියන කින්නියා පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 13 දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ත්‍රිකුණාමලය වැඩ බලන මහේස්ත්‍රාත් ඒ.එස්.එම් සාහීල් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියම කළේය.

මෙසේ බන්ධනාගාර ගතවූයේ කින්නියා පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මීරා ලෙබ්බේ මොහොමඩ් අෂ්රොප් නැමැති අයයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගත්තේය.

මෙම නිලධාරියා සම්බන්ධයෙන්  බී වාර්තාවක් මගින් කළ ඉල්ලීමක් සලකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 13 වැනි දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත්‍රිකුණාමල සහකාර බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *