“අයවැය විවාදෙ විසූක දස්සන එපා”

මැතිසබේ අයවැය විවාදය පැවැත්වෙන අවස්ථාවේ විසූක දස්සන කතා නවත්වන්නැයි අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී සේන නානායක්කාර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ අද අයවැය විවාදය අරඹමින් පැවසීය.

“අයවැය කියන්නේ රටේ මූල්‍ය සැලසුම් පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක්.මේ රටට මූල්‍ය නීති සම්පාදනය කරන නීති හදන හෙට දවසට මග කියන උත්තරීතර පාර්ලිමේන්තුවයි.මෙවැනි විදග්ධ සාකච්ඡා සභාවක කෙරෙන්නේ එවැනි සාකච්ඡාවක්දැයි සියුම් දුකක් දැනෙනවා. මොකද උසුළු විසුලු විසූක දස්සන මෙහිදී අපට දකින්නට ලැබෙනවා.උගත්කමක් ඇති පක්ෂ විපක්ෂ සියලු දෙනා මීට වඩා ගැඹුරු ලෙස මෙය ගැන හිතන්නට සිදුවෙනවා.විපක්ෂයෙන් අපට හැමවිටම ලැබෙන්නේ විසුලු උත්තර ” යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *