අමාත්‍ය ධූර අහිමිවීම එතරම් දෙයක් නොවෙයි

අත්හැරීම ප්‍රගුණ කළ තමන්ට අමාත්‍ය ධූර අතහැරීම එතරම් දෙයක් නොවන බවත් අමාත්‍යංශ හතරක කාර්යයන් ඉතාම හොඳින් කළේය යැයි විශ්වාස කරන බවත් හිටපු සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

සංචාරක මණ්ඩලයේ සේවකයන්ගෙන් සමුගැනීමට පෙර ඔවුන් අමතමින් හරීන් ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේ පැවසීය.අධිකරණ නියෝගයට ගරු කරන බවත් මෙවැනි දෙයක් වියහැකි බව දැන දැනම ජනාධිපතිවරයාට එකතු වූ බවත් ඒ මහතා කීය.

අමාත්‍ය ධූරය ඉවත් කළ ද මෙරට පුරවැසිභාවය ඉවත් කළ නොහැකි බව කී ඒ මහතා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වසර දෙකක කාලය තුළ අවංකව සේවය කළ බව ද සඳහන් කළේය.

සංචාරක මණ්ඩයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් ජනාධිපතිවරයා දැනුම් දෙන තනතුරුවලින් ඉවත්විමේ අවශ්‍යතාවක් නොමැති බවත් කරගෙන ගිය වැඩකටයුතු ඉදිරියටත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *