“අපි ගමන යන්නේ ආර්ථිකයෙන් හැලුණු අයත් එකතු කරගෙන” – වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය

රාජ්‍ය ආදායම දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 16ක ප්‍රමාණයක පවත්වාගෙන යාමට ජාතික ජන බලවේග රජයට හැකියාව ලැබුණ බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“රටක් හැටියට අපට තිබෙන අභියෝගය එක පැත්තකින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි.ඒ ශක්තිමත් පදනම මත ප්‍රමාණවත් සහ ඔරොත්තු දෙන ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යමින් ඒ ආර්ථික වර්ධන වේගයේ ප්‍රතිලාභ මහජනතාවට ලබාදීමේ වගකීම ආණ්ඩුවට තියෙනවා. ආර්ථිකයේ ශක්තිමත් වර්ධන වේගයක් අත්පත් කර ගත්තත් ආර්ථික ක්‍රියාවලියට අනුගත වෙන්න අපහසු එයින් හැලිලා යන කොටසක් ඉන්නවා.ඒ කොටස සොයා බලා ඔවුන් ඉලක්ක කර ගනිමින් ඔවුන් නගා සිටුවීමේ වගකීමද ආණ්ඩුවකට තිබෙනවා.පීඩාවට ලක්වූ ජන කොටස් සවි බල ගැන්වීමේ වගකීම ආණ්ඩුව ඉතා හොඳින් ඉටු කරනවා.2024 වසරේ දුර්වල වූ තැන් 2025 දී ශක්තිමත් කරන්න ජාතික ජන බලවේග ආණ්ඩුව සමත් වී තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *