අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රජයේ නියෝජිත පිරිසක් ඉරිදා (09) සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් හමුවී දැනට ක්‍රියාත්මක අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කර තිබේ.
නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆර් සහ නියෝජ්‍ය කථානායක ආචාර්ය රිස්වි සාලිහ් යන මහත්වරුන් ද ඇතුළත් වූ මෙම නියෝජිත පිරිස, සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපති මුෆ්ති එම්.අයි.එම්. රිස්වි, මහලේකම් අෂ්-ෂෙයික් අර්කම් නූරාමිත් ඇතුළු එහි විධායක කමිටු සාමාජිකයන් කොළඹදී හමුවී ඇත.
අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ, අධිකරණ හා බන්ධනාගාර ක්ෂේත්‍රවල හඳුන්වා දෙමින් පවතින ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවයි.
අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් සමාජය තුළ සංසරණය වන බව කියන වැරදි තොරතුරු පිළිබඳවද රජයේ නියෝජිතයන් කරුණු පැහැදිලි කර ඇති අතර, ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී රජය ලබා ඇති ප්‍රගතිය පිළිබඳවද සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් දැනුවත් කර තිබේ.


