අණ නොතැකු යතුරුපැදියකට වෙඩි

පොලිස් අණ නොතකා පලායමින් සිටි යතුරු පැදියකට වෙඩි තබා සැකකරුවන් දෙදෙනකු අයිස් මත්ද්‍රව‍ය  සමඟ අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය සඳහන් කරයි.

එහි පැදිකරු  සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව‍ය මිලිගෑම් 2620 ක් පොලිස් භාරයට ගෙන ඇත.

බොරැල්ල සහස් පුර  ප්‍රදේශයේදී මාර්ග බාධක රාජකාරී යෙදී සිටි නිලධාරීන්ගේ අණ නොතකා යතුරුපැදියක් පුද්ගලයන් දෙදෙනකු විසින් ධාවනය කරන බවට සහස් පුර පොලිස් ස්ථානය හා බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් දැනුවත් කර ඇත.

පසුව රාත්‍රී අපරාධ නිවාරණ රාජකාරී යෙදී සිටි බොරැල්ල පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ කණ්ඩායමක් ඕවල් ක්‍රීඩාංගනය අංක දෙක ගේට්ටු අසල මාර්ගයේදී එම යතුරුපැදියට වෙඩි තබා පැදිකරු සහ යතුරුපැදිය අත්අඩංගුවට ගැනීමත් සමඟ  පසු පදිකරු      සැකකරු පළා ගිය අතර මඳ වේලාවකදී එම සැකකරුද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *