අටෙන් එකක් මානසික ලෙඩෙක්

ගෝලීය වශයෙන් පුද්ගලයන් අට දෙනෙකුගෙන් එක් අයෙක් කිනම් හෝ මානසික සෞඛ්‍ය තත්වයකින් පීඩා විඳිමින් ජීවත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

නව යොවුන් වියේ පසුවන්නන් සහ යෞවනයන් අතර මානසික සෞඛ්‍ය ගැටලු වර්ධනය වීමක් දැක ගත හැකි බවද එම සංවිධානය සදහන්  කරයි.

කිනම් හෝ මානසික සෞඛ්‍ය තත්වයකින් පීඩා විඳිමින් ජීවත් වීම ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍යට, අනෙක් පුද්ගලයන් සමඟ ගනුදෙනු කරන ආකාරයට, මෙන්ම ජීවනෝපායට පවා බලපෑම් ඇති කල හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක මානසික සෞඛ්‍ය දිනය සෑම වර්ෂයකම ඔක්තොම්බර් මස 10වන දිනට යෙදී ඇත.

ඒ වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය අද(08) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *