WADA සමුළුව සඳහා ක්‍රීඩා අමාත්‍යවරුන් 9 දෙනෙකු ශ්‍රී ලංකාවට…

ක්‍රීඩාවේ තහනම් උත්තේජක විරෝධී 18 වැනි ආසියා/ඕෂනියා කලාපයේ අන්තර් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීම ලබන සතියේ ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.

ක්‍රීඩා අමාත්‍යාංශයට අනුව 2023 ජූනි මස 12 සහ 13 යන දිනයන්හිදී මෙම ඉසව්ව කොළඹදී පැවැත්වීමට නියමිතය.

මෙම රැස්වීමට ආසියා / ඕෂනියා කලාපයේ රටවල් 39 ක ක්‍රීඩා අමාත්‍යවරුන් හෝ ඔවුන්ගේ නියෝජිතයින් සහභාගී වන බව ශ්‍රී ලංකා උත්තේජක විරෝධී සංගමයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.

“චීනය, සෞදි අරාබිය සහ පකිස්ථානය ඇතුළුව ක්‍රීඩා අමාත්‍යවරුන් නව දෙනෙකු සහභාගී වනු ඇත” යනුවෙන් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ (WADA) සභාපතිවරයා සහ උප සභාපතිවරයා ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *