සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පැවසුවේ පසුගියදා ජිනීවා වෙත ගිය සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී කතා කිරීමට තිබූ අවස්ථාව මග හැරුණු බවයි.
“සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කැමති කෙනෙකුට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී කතා කිරීමට ලැබෙන්නේ විනාඩි එකහමාරක් පමණයි. සැසියේදී මගේ සගයා වූ හෙක්ටර් අප්පුහාමිට 45 වැනි ස්ථානය ලබා දුන් නමුත් දවස අවසානයේදී ඔහුට සැසිවාරයේදී කතා කිරීමට වෙලාවක් තිබුණේ නැත. නුදුරේදීම මේ කාරණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට අපි අදහස් කරනවා,” ඔහු පැවසීය.
අප්පුහාමි මන්ත්‍රීවරයා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැන ප්‍රශ්නය මතු කිරීමට නියමිතව තිබුණා,” ඔහු වැඩිදුරටත් පැවසීය.
“කෙසේ වෙතත් අපි විවිධ පැති සැසිවලදී කතා කිරීමට සමත් වූ අතර අපගේ මතවාදයන් එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ට ලබා දීමට සමත් විය,” ඔහු ද පැවසීය.
“අපි සංචාරය සඳහා අපේම මුදල් වියදම් කළා,” ඔහු පැහැදිලි කළේය.