ඉන්දියාවේ ආන්ධ්රා ප්රදේශ් වෙරළ තීරය හරහා ගමන් කිරීමෙන් අනතුරුව ‘අර්නාබ්’ (Arnab) සුළි කුණාටුව මඟින් මෙරට කාලගුණයට එල්ල වූ බලපෑම ක්රමයෙන් දුර්වල වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ (28) පස්වරු 4.00ට ඉදිරි පැය 36 සඳහා නිකුත් කරන ලද සාමාන්ය කාලගුණ අනාවැකිය මඟින් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.
මීට අමතරව, ඌව පළාතේ මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්රික්කවල අද (29) පස්වරු 1.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වියළි හිතකර කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තද සුළං සහ අකුණු අනතුරු
කෙසේවෙතත්, මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවල මෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්රදේශවල තාවකාලික තද සුළං සහ ප්රබල අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.



