Friday, 13 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

රිමාන්ඩ් භාරයේ සිටි හිටපු සමූපකාර කොමසාරිස් මියයයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු සමූපකාර කොමසාරිස් සුනිල් සෙනෙවිරත්න මහතා හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සෙනක පල්ලෙතැන්න මහතා සඳහන් කළේ, 78 හැවිරිදි වියේ පසුවූ හිටපු නිලධාරියා පසුගිය බදාදා (11) රාත්‍රී කාලයේදී අභාවප්‍රාප්ත වූ බවයි.

මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි සෙනෙවිරත්න මහතා හදිසියේ රෝගාතුර වීමෙන් අනතුරුව වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මියගොස් ඇත.

මියගිය සුනිල් සෙනෙවිරත්න මහතා කලල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ අතර, මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අධිකරණය මඟින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

ඔබේ අදහස