PCR පරීක්ෂණ සිදුකර ගැනීමට කටුනායක ගුවන් තොටුපළේ නවතම වෛද්‍ය රසායනාගාරයක්

නොමිලේ පී.සී.ආර්.පරීක්ෂණ සිදු කර ගැනීමට සහ ඒවායේ ප‍්‍රතිඵල නිකුත් කිරීමට නවතම වෛද්‍ය රසායනාගාරයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන මගීන් වෙනුවෙන් ගුවන් තොටුපොළ පරිශ‍්‍රය තුළම පිහිටුවා තිබේ. අනුක ජීව විද්‍යා රසායනාගාරය ලෙස නම් කර ඇති එය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාරදීම ඊයේ (09) දිනයේ සිදුකෙරුණා.

එම රසායනාගාරය තුළ පී.සී.ආර්. පරීක්ෂණ යන්ත‍්‍ර 02 ක්, න්‍යෂ්ටික අම්ල වෙන්කර ගැනීමේ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 02 ක් සහ ආරක්ෂිත කැබිනෙට්ටු 03 ක් ද පිහිටුවා තිබෙන අතර දිනකට ගුවන් මගීන් 500 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකළ හැකි බවටයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *