MCC මුදල් රජයට ලබාදීලා නෑ – අමෙරිකානු තානාපති කාර්යාලය කියයි

MCC ගිවිසුම සම්බන්ධයෙන් සමාලෝනය කිරීමට පත් කළ විද්වත් කමිටුව සිය වාර්තාව ඊයේ දිනයේදී ජනාධිපතිවරයා වෙත භාර දෙමින් කියා සිටියේ පසුගිය රජය විසින් එම ගිවිසුමේ අදියර දෙකක් සඳහා අත්සන් තබා ඇති බවත්, අමෙරිකානු ඩොලර් මිලියන 10 ක ප්‍රදානයක් ලබා ගෙන තිබුනත් ඒ සම්බන්ධයෙන් ගිණුම් තොරතුරු සදහන්ව නොමැති බවයි.

මේ අතර මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර සිටින්නේ යෝජිත MCC ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව වෙත ලබාදීම සඳහා වෙන් කොට තිබු අමෙරිකානු ඩොලර් මිලියන 480 ක මුදල ශ්‍රී ලංකා රජය වෙත මාරු කිරිම හෝ වියදම් කිරිමක් සිදුකොට නොමැති බවයි. ට්විටර් සටහනක් තබමින් මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පවසා සිටින්නේ ගිවිසුම සම්බන්ධයෙන් තීරණය ශ්‍රී ලංකා රජය විසින් ගත යුතු බවටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *