ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේ සමාරම්භක ක්‍රීඩක වෙන්දේසිය ජුනි 14 වනදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වේ.
ජාත්‍යන්තර රසයක් සහිත ශ්‍රී ලංකාවේ ඉහළම දේශීය T20 ලීගය වන මෙම තරගාවලිය ක්‍රීඩක වෙන්දේසියක් පවත්වන පළමු අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ ක්‍රීඩකයින් සඳහා ලංසු තැබීම සඳහා එක් එක් ෆ්‍රැන්චයිස් කණ්ඩායමක් වෙන්දේසිය සඳහා ඇමරිකානු ඩොලර් 500,000 ක මුදලක් ගෙන එනු ඇති අතර, එමඟින් කණ්ඩායම් පහෙන්ම සමස්ත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක් දක්වා වන බවයි.
ප්‍රමුඛ පෙළේ විදෙස් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සමඟින් ක්‍රීඩකයින් 358 දෙනෙකු 14 වැනිදා වෙන්දේසි කෙරේ.
වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී ඇති බවට වාර්තා වන ප්‍රමුඛ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පහත දැක්වේ
ක්‍රිස් ලින්, ඕස්ට්‍රේලියාව
Russie Van dur Dussen, දකුණු අප්‍රිකාව
Nathan Coulter-Nile, Australia
Ben Cutting, Australia
නූර් අහමඩ්, ඇෆ්ගනිස්ථානය
මොහොමඩ් නබි, ඇෆ්ගනිස්ථානය
එවින් ලුවිස්, බටහිර ඉන්දීය කොදෙව්
Carlos Braitwaite, බටහිර ඉන්දීය කොදෙව්
Colin De Grandhomme, නවසීලන්තය
Jason Behrendorff, ඕස්ට්‍රේලියාව
තස්කින් අහමඩ්, බංග්ලාදේශය
මහමුදුල්ලා රියාද්, බංග්ලාදේශය
සුරේෂ් රයිනා, ඉන්දියාව
තමීම් ඉක්බාල්, බංග්ලාදේශය
සර්ෆරාස් අහමඩ්, පකිස්ථානය
මුෂ්ෆිකර් රහීම්, බංග්ලාදේශය