ගෑස් සිලින්ඩර් ගිනිගැනීම් හෝ පිපිරීම් සම්බන්ධයෙන් සොයා බලා විසඳීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පත්කළ ජනාධිපති කමිටුව විසින් LP ගෑස් සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට කඩිනම් විසඳුමක් ලෙස නිර්දේශ ජනතාව වෙත නිකුත් කර තිබේ.
දිවයිනේ විවිධ ප්‍රදේශවල ගෘහස්ථ වාණිජ සහ අලෙවිසැල්වල මෑතදී ඇති වූ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) සිලින්ඩර් ගිනිගැනීම් සහ පිපිරීම් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නොවැම්බර් 30 වැනි දින කමිටුව පත් කරන ලදී.
අවශ්‍ය සියලු පාර්ශ්වයන්ගෙන් එම තොරතුරු ලබාගෙන දැනට පවතින අධ්‍යයනයන් සහ විවිධ අදහස් පිළිබඳව සොයා බලා සති දෙකක් ඇතුළත වාර්තාව තමා වෙත ලබා දෙන ලෙස ජනාධිපතිවරයා කමිටුවට උපදෙස් දී තිබිණි.
මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම සත් පුද්ගල කමිටුව ඊයේ මොරටුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී රැස්වූ අතර එහිදී අතුරු විසදුමක් ලෙස ජනතාවට අනුගමනය කළ යුතු නිර්දේශ කිහිපයක් නිකුත් කරනු ලැබුවා.
ජනාධිපති කමිටුව කොට්ටාව, අතුරුගිරිය, හංවැල්ල සහ කඩුවෙල යන ප්‍රදේශවල ස්ථානීය පරීක්ෂණ ද සිදු කළ අතර ගෑස් අනතුරුවලට අදාළව ප්‍රදේශ 12 කින් ලබාගත් ගෑස් සාම්පල විශ්ලේෂණය කළේය.
මොරටුව විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශය විසින් සකස් කරන ලද මෙම විශ්ලේෂණ වාර්තාව පාරිභෝගික කටයුතු අධිකාරියට භාරදීමට නියමිතයි.
එම ඒකකයේ ප්‍රධානී මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා සඳහන් කළේ, පිපිරීම්වලට සහ ගෑස් කාන්දුවීමට හේතුව පුළුල් පරීක්ෂණයකින් පසු අනාවරණය කර ගත හැකි බවයි.
මේ අතර, ගෑස් සිලින්ඩර් ගැටළුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ කමිටුව විසින් ගෘහස්ථ ගෑස් ආරක්ෂිතව හැසිරවීම සම්බන්ධයෙන් මහජනතාවට නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.