PHP පද්ධතිවල ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා CERT වෙතින් හදිසි සයිබර් ආරක්ෂණ අනතුරු ඇඟවීමක්

PHP භාවිතයෙන් නිර්මාණය කර ඇති පද්ධතිවලට බලපාන ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවලට සහ වෙබ් අඩවි සංවර්ධකයන්ට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) හදිසි සයිබර් ආරක්ෂණ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ඔක්තෝබර් 21 වැනිදා දිනැති නිවේදනයකින් CERT ආයතනය අනතුරු අඟවා ඇත්තේ, මෙම ආරක්ෂක දුර්වලතා හේතුවෙන් බලපෑමට ලක් වූ පද්ධතිවලට අනවසරයෙන් ප්‍රවේශ වීම, දත්ත සොරකම් කිරීම සහ මෙහෙයුම් කටයුතුවලට බාධා කිරීම වැනි අවදානම් ඇති විය හැකි බවයි.

වෙබ් අඩවි සහ වෙබ් යෙදුම් සංවර්ධනය කිරීම සඳහා PHP භාෂාව පුළුල් ලෙස භාවිත කෙරේ.

එබැවින් PHP භාවිත කරන සියලුම පද්ධති හඳුනාගෙන, ඒවායේ මෘදුකාංග අනුවාද පරීක්ෂා කර, නිල PHP වෙබ් අඩවියේ උපදෙස් අනුව හැකි ඉක්මනින් ආරක්ෂක යාවත්කාලීන කිරීම් සිදු කරන ලෙස CERT ආයතනය ආයතනවලින් ඉල්ලා සිටියි.

එමෙන්ම, පද්ධතිවල ක්‍රියාකාරකම් සටහන් (system logs) පරීක්ෂා කර අසාමාන්‍ය ක්‍රියාකාරකම් තිබේදැයි සොයා බලන ලෙසත්, යාවත්කාලීන කළ නොහැකි තීරණාත්මක හා ඉහළ අවදානමක් සහිත පද්ධති සඳහා අන්තර්ජාල ප්‍රවේශය සීමා කරන ලෙසත් ආයතනවලට උපදෙස් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *