ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණි බව එම අරමුදල නිවේදනය කළේය.
සිවුවැනි සමාලෝචනයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් කළමණාකාරිත්වයේ අනුමැතිය හිමිවී විධායක කමිටුව විසින් එය සම්පූර්ණ කරනු ලැබූ පසු මෙරටට ලබාදී ඇති ණය මුදලේ තෙවැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333 ක පමණ මුදලකට ප්‍රවේශය හිමිවනු ඇතැයි එම නිවේදනයේ දැක්වේ.
ආධාර වැඩසටහනේ ඉලක්ක සම්පූර්ණ කිරීමට නව රජයේ කැපවීම විශ්වාසය තවත් තහවුරු කරන බවත් ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහතික කරන බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පැවැසුවේය.
මූල්‍ය සහතික සමාලෝචනය අවසන් කිරීම සහ පූර්ව ක්‍රියාවන් බලධාරීන් විසින් ක්‍රියාත්මක කිරීම මත පදනම්ව තෙවැනි සමාලෝචනය සම්පූර්ණ කිරීම පිළිබඳව විධායක කමිටුව සළකා බලනු ඇතැයිද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.