IMF ගිවිසුම හරියට නොකළොත් රට අමාරුවේ

අප කියන අදහස් වල වචන කොතරම් ආකර්ෂණීය වුවත් මහපොළොවේ එය ක්‍රියාත්මක කිරීමේ දී අභියෝග වලට මුහුණ දීමට සිදුවිය හැකි බවත් මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම අත්‍යවශ්‍ය බවට කිසිම තර්කයක් නැහැ .ඒ වැඩපිළිවෙළ හරියට ක්‍රියාත්මක කළේ නැතිනම් රට නැවත අර්බුදයකට මුහුණ දෙනවා.එහෙම වුනොත් 2022ටත් වඩා අර්බුදයකට රට ගමන් කරන්න පුළුවන්.එදා වේදිකාවේ මොන විදිහට සංශෝධන ගේනවා යැයි කිව්වත් රනිල් ආණ්ඩුව සම්මත කළ මූල්‍ය අරමුදලේ ගිවිසුම ඒ ආකාරයටම කරගෙන යාම සුබවාදී කාරණයක් බව කිව යුතුයි.මේ ගිවිසුම නැවත සංශෝධන වලට ලක් කරන්න ගියොත් හිතනවාට වඩා අර්බුදයකට ලක්වෙන්න සිදුවෙනවා”යැයි අනුරාධ ජයරත්න මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *