IMF ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම ආරම්භ වේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් යෝජිත ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය තක්සේරු කිරීමේ මංගල රැස්වීම බ්‍රහස්පතින්දා (14) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

සමාලෝචනය බ්‍රහස්පතින්දා සිට සති දෙකක කාලයක් පැවැත්වෙන අතර සමාලෝචනයේ අවසන් සාකච්ඡාව සැප්තැම්බර් 26 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින්; මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ආර්ථික කටයුතු පිළිබඳ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ද සහභාගි වූහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නියෝජිත පිරිසට Peter Breuer (ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානියා), Katya Svirydzenka (නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා), Mike Li, Sophia Zhang, Dmitriy Rozhkov, Noda Selim, Sandesh Dungana, Nui Miao, Mark Adams, Joei, Turkewit, Nuong Lan Vu ඇතුළත් වේ. .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *