ICCහි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.
ICC මණ්ඩලය රැස් වී තීරණය කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට්, ICCහි සාමාජිකයකු ලෙස එහි වගකීම් බරපතළ ලෙස උල්ලංඝනය කරමින් සිටින බවය.
විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීන ව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ පාලනය, නියාමනය සහ පරිපාලනයට රජයේ මැදිහත් වීමක් නොමැති බවට සහතික වීම ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමේ තීරණය වෙනස් වීමට බලපානු ඇති බව ද වාර්තා වේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලය අද මාර්ගගත ක්‍රමය ඔස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඉන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
ICC යේ හමුවක් නොවැම්බර් 18-21 කාලයේදී ඉන්දියාවේ අහමදාබාද් හිදී පැවැත්වෙයි.
ඉන් අනතුරුව නොවැම්බර් 21වනදා පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ගතයුතු අනෙකුත් තීරණ ගැන සාකච්ඡා කිරීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.