රටවල් හතක නව රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයෝ ජනපති හමුවේ අක්තපත්‍ර පිළිගන්වති

අලුතින් පත් කරන ලද තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් හත්දෙනෙකු නොවැම්බර් 17 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබේ.
ප්‍රමුඛතා අනුපිළිවෙළ අනුව ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර පිළිගැන්වූ නව රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් පහත පරිදි වේ:
කිම් යූන්-ජුන්ග් (Kim Youn-Jung) මහතා/මහත්මිය – කොළඹ නේවාසික, ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති
ඩැනියෙල් හන් (Daniel Hunn) මහතා – කොළඹ නේවාසික, ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති
සිල්වියා හාර්ට්ලීෆ් (Sylvia Hartleif) මහත්මිය – කොළඹ නේවාසික, ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති
අහමඩ් එල්-සයෙඩ් අබ්දෙල් හලීම් අමර් හෙලාල් (Ahmed El-Sayed Abdel Halim Amer Helal) මහතා – කොළඹ නේවාසික, ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති
විතයා සයාවොංග් (Vithaya Xayavong) මහතා – නවදිල්ලියේ නේවාසික, ශ්‍රී ලංකාවේ ලාඕ මහජන ප්රජාතන්ත්රවාදී ජනරජයේ තානාපති
විශ්‍රාමික වින්ග් කමාන්ඩර් ඇලෙක්ස් එල්. ටුකුහුප්වේලේ (Alex L. Tukuhupwele) මහතා – නවදිල්ලියේ නේවාසික, ශ්‍රී ලංකාවේ නැමීබියා ජනරජයේ මහ කොමසාරිස්
පැට්රික් ඩැනියෙල් (Patrick Daniel) මහතා – සිංගප්පූරුවේ නේවාසික, ශ්‍රී ලංකාවේ සිංගප්පූරු ජනරජයේ මහ කොමසාරිස්
ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ඔවුන්ගේ අදාළ රජයන් විසින් මෙම රාජ්‍යතාන්ත්‍රිකයන් පත් කර ඇති අතර, යුරෝපා සංගමය නියෝජනය කිරීම සඳහා යුරෝපා සංගම් තානාපතිනිය පත් කර තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.





