E-9 වීසා ලැබූ 91ක් අද කොරියා යති

දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා ඊයේ පිටත්ව යති.

මේ පිරිසේ කරුණියක ද සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.මෙම කණ්ඩායම දකුණු කොරියාවේ රැකියා හිමිවූ 889 වන කණ්ඩායමයි.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව 2024 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ මාස 11ක කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 5421 දෙනෙකු සඳහා දකුණු කොරියාවේ නිශ්පාදන, ධීවර හා ඉදිකිරීම් යන ක්ෂේත්‍රවල රැකියා අවස්ථා හිමි වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *