E-8 රැකියා වංචාකරුවෙක් අත්අඩංගුවට

දකුණු කොරියාවේ E-8 කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 3ට වඩා වැඩියෙන් මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් කුරුණෑගලදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු සම්බන්ධයෙන් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති අතර අධිකරණ නියෝග පැහැර හරිමින් සිටි පුද්ගලයකු බව විමර්ශන වලදී අනාවරණය වී තිබෙන්නේ යැයි  කාර්යංශය පවසයි.

මොහු E-7 හා E-8 යන කාණ්ඩවල රැකියා ලබාදෙන බව පවසමින්  මුදල් ලබාගෙන  ප්‍රදේශයෙන් පලාගොස් සැගව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *