සුසන්ත

BOI සභාපති සුසන්ත රත්නායක ඉල්ලා අස්වෙයි

ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.

සුසන්ත රත්නායක මහතා ජෝන් කීල්ස් ආයතනය ඇතුලු තවත් පෞද්ගලික අංශයේ ප්‍රකට සමාගම් රැසක ඉහළ තනතුරු දැරූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයට පත්වීමෙන් අනතුරුව සිදු කළ පළමු පත්වීම් කිහිපය අතර සුසන්ත රත්නායක මහතාගේ පත්වීමද විය.

මේ අතරම ඉහළ නිලධාරියකුගේ අනිසි බලපෑම් හේතුවෙන් රත්නායක මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව දැනගන්නට තිබෙන බව මවුරට වෙබ් අඩවිය වාර්තා කරනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *