වියට්නාම ජනාධිපති ශ්‍රී ලංකාවේ සංචාරයක

වියට්නාම් සමාජවාදී ජනරජයේ සභාපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටෝ ලාම් 2026 මැයි 7 සිට 8 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වනු ඇත.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 55 වන සංවත්සරය සැමරීම සඳහා 2025 දී අනුර කුමාර දිසානායක කළ වියට්නාම රාජ්‍ය සංචාරයෙන් පසු, ඔහුගේ ආරාධනයෙන් මෙම සංචාරය සිදු කරන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

මෙම සංචාරය අතරතුර, ජනාධිපති ටෝ ලාම් සහ ජනාධිපති දිසානායක අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

“ශ්‍රී ලංකා-වියට්නාම් වෙළඳ, ආයෝජන සහ සංචාරක සංසදයේ” සමාරම්භය ඇතුළු ඉහළ මට්ටමේ කටයුතු කිහිපයකට ද වියට්නාම නායකයා සහභාගී වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *