පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලයේ සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළුව සියලුම මහජන සේවාවන් අද (17) අත්හිටුවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේය.
පරිගණක පද්ධතියේ හදිසි තාක්ෂණික දෝෂය තවමත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බැවින් සේවාවන් අත්හිටුවන බව දෙපාර්තමේන්තුව පැවසීය.


