සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයට සමගාමීව අප්‍රේල් 13 සහ 14 දෙදින දිවයින පුරා සියලුම සුරාසැල් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න නිවේදනය කර ඇත.
රජයේ අනුමැතිය ඇතිව, මෙම දින දෙක තුළ මත්පැන් අලෙවි කිරීමට අවසර දී ඇති සුරාසැල්, ගම්බද තැබෑරුම්, හෝටල් අවන්හල්, කැරෝකේ තැබෑරුම් ඇතුළු බලපත්‍රලාභී සියලුම අලෙවිසැල් ද මෙම දින දෙක තුළ වසා තබන බව ඔහු පැවසීය.
වසා තැබෙන කාලසීමාව තුළ සුරාබදු නීති කඩකරමින් මත්පැන් අලෙවි කරන බලපත්‍රලාභියෙකුට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පේමරත්න අනතුරු ඇඟවීය.
දින දෙක තුළ මත්පැන් ජාවාරම් පිළිබඳ යම් සිද්ධීන් ඇත්නම් 1913 යන සුරාබදු දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
අවුරුදු උත්සව සමයේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ ආශ්රිත වැරදි මැඩලීම සඳහා ගාල්ල, අනුරාධපුර, නුවරඑළිය, කුරුණෑගල සහ දිවයින පුරා පිහිටි විශේෂ මෙහෙයුම් ඒකකවල සුරාබදු නිලධාරීන් සීරුවෙන් තබා ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.


