QR මත පදනම් වූ ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය නැවත ක්‍රියාත්මක කිරීමෙන් පසු මිලියන 6.2 කට වැඩි පිරිසක් QR කේත ලබාගෙන ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පැවසීය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ QR කේතයන්ට අනුව ඉන්ධන නිකුත් කිරීම මාර්තු 14 සිට නැවත ආරම්භ කළ බවත්, මේ වන විට QR කේත 6,276,911 ක් නිකුත් කර ඇති බවත්ය.
ක්‍රමය යටතේ QR කේත ලබා ගැනීම සඳහා මාර්තු 15 සිට මේ දක්වා නව ලියාපදිංචි කිරීම් 2,701,914 ක් වාර්තා කර ඇති බව ඔහු පැවසීය.
දත්තවලට අනුව මාර්තු 14 වැනි දින නව ලියාපදිංචි කිරීම් 42,899ක් වාර්තා වී ඇති අතර මාර්තු 16 වැනි දින ලියාපදිංචි කිරීම් 303,068ක් සහ මාර්තු 17 වැනි දින 309,349ක් වාර්තා වී ඇත. මාර්තු 18 වැනි දින නව ලියාපදිංචි කිරීම් 301,463ක් වාර්තා වී ඇත.
රත්නායක මහතා පැවසුවේ, මුල් ජංගම දුරකථන අංකය තවදුරටත් භාවිතයේ නොමැති හෝ වෙනත් අයෙකුට අයත් වූ විට කලින් ලියාපදිංචි කර ඇති QR කේත නැවත ලබා ගැනීමට වාහන හිමියන්ට සහාය වීම සඳහා අතික්‍රමණය කිරීමේ ක්‍රමය මාර්තු 19 වන දින හඳුන්වා දීමෙන් පසුව, නව ලියාපදිංචි කිරීම් 654,342 ක් වාර්තා වූ බවයි.
වාහන නොවන කාණ්ඩය සඳහා අතිරේක ඉන්ධන කෝටාවක් ලබාදීමට මේ වන විට සාකච්ඡා කරමින් පවතින බවත්, එම කාණ්ඩය සඳහා අදාළ කෝටාව වෙන් කිරීම සඳුදා (30) වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.


