කනේ ආබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී මේජර් ජෙනරාල් (විශ්රාමික) සුරේෂ් සලෙයි ප්රතිකාර ලබා ගැනීමෙන් පසු ඊයේ යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) රැගෙන එනු ලැබීය.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර ඇති නමුත් ප්රතිකාර ලබා දීමෙන් අනතුරුව ඔහු පිටව ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
2019 පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව දින 90ක රැඳවුම් නියෝගයක් යටතේ සලේ දැනට රඳවාගෙන සිටියි.


