හෙරොයින් සමඟ ඩබ්ලිව් පී සී දැලේ

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරියක්  හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

එම ජාවාරමෙන් උපයා ගත්  බව කියන රුපියල් 26,00 ක  මුදලක් ද සමග  බදුල්ල පොලිස් වසමට අයත් කයිලගොඩ පිහිටි පොලිස් නිල නිවාස සංකීර්ණයේදී ඇය සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් කොස්සතාපල්වරිය සමඟ  මෙම ජාවාරමට සම්බන්ධ  හා  හෙරොයින් ළඟ තබා ගැනීමේ වරදට තවත් සැකකාරියන් තිදෙනෙකු හා සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇත .

මෙම පිරිස එකම පවුලක ඥාති පිිරිසක් බවද අනාවරණය වී  ඇතැයි කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *