රට ගොඩනැගීමේ අරමුදලට ලාංකිකයන් රු.බි. 8.5ක් පරිත්‍යාග කරලා

දිට්වා සුළි කුණාටුවෙන් පසු රට යළි ගොඩනැංවීම සඳහා රජය විසින් ආරම්භ කළ Rebuilding Sri Lanka අරමුදල වෙත ශ්‍රී ලාංකික ව්‍යාපාර ආයතන සහ පුරවැසියන් විසින් මේ වන විට පරිත්‍යාග කර ඇති මුදල රුපියල් බිලියන 8.5 සීමාවද ඉක්මවා ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේය.

එමෙන්ම විදෙස් රටවලින් ලැබුණු මුදල් ප්‍රමාණයද මේ වන විට ඉහළ ගොස් ඇති බවත් එසේ ලැබුණු විදෙස් මුදල් ප්‍රමාණයද මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 9.49ක සීමාවද ඉක්මවා ගොස් ඇති බවක් ඔහු සඳහන් කළේය..

මෙම මුදල් ආධාර ලැබුණු රටවල් අතර අමෙරිකා එක්සත් ජනපදයෙන් ඉහළ මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බවත් එම ප්‍රමාණය රුපියල් බිලියනය ඉක්මවා ගොස් ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *