’කෙසෙල්වත්තේ දිනුක’ ලංකාවට

අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර රතු නිවේදන නිවේදන නිකුත් කර තිබූ , සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හේවාපේඩිගේ දිනූෂ චතුරංග නොහොත් කෙසෙල්වත්තේ දිනූක ඉන්දියාවේ සිට විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ(24) දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .

34 හැවිරිදි මොහු කොළඹ – 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කෙසෙල්වත්ත , කොටහේන සහ මට්ටක්කුලිය යන ප්‍රදේශ වල මනුෂ්‍ය ඝාතන රැසක් සිදු කර ඇති අතර ගිනි අවි සහ අත් බෝම්බ ළග තබා ගෙන සිටීම මෙන්ම කොළඹ ප්‍රදේශයේ මංකොල්ලකෑම් රාශියක් ද සිදු කර ඇති පුද්ගයෙකි .

මොහු දැඩි ආරක්ෂාවක් යටතේ ඊයේ(24) සවස 04.15 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.ඊ.- 1179 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමෙන් පසුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ කෙසෙල්වත්ත පොලීසිය වෙත බාර දීමට පියවර ගෙන තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *