මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ධීවර යාත්‍රා දෙකක් අත්අඩංගුවට

ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, දිගුදුර නෞකා යොදාගනිමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රා  දෙකක් සමඟ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදා ව පවසයි.

පොලිසියෙන් ලද තොරතුරකට අනුව, නාවික හමුදාව ගැඹුරු මුහුදේදී එම වැටලීම සිදු කළේය.

සැකකරුවන් සංනිවේදනය සඳහා යොදාගත් උපකරණ ද එහිදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එම බහුදින ධීවර යාත්‍රා දෙක (02), මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා දීමට නාවික හමුදාව බලාපොරොත්තු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *