අතීතෙ වෙනස්කම් වලදී පාරට බැහැපු අයගෙ අද කතා ගැන පුදුමයි

ධවල පත්‍රිකාව ඇතුළු රටේ අධ්‍යාපනයට වෙනස්කම් කරන්නට උත්සාහ කළ හැම අවස්ථාවකම පාරට බැහැපු පක්ෂය අද කතා කරන හැටි දැක්කාම පුදුම හිතෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

“ධවල පත්‍රිකාව ඇතුළු මේ රටේ අධ්‍යාපනයට වෙනස්කම් කරන්නට උත්සාහ කළ හැම අවස්ථාවකම පාරට බැහැපු පක්ෂය අද මේ කතා කරන හැටි දැක්කම පුදුමයි.2024 අවුරුද්දෙ ගෙනාපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවට හරිනි අගමැතිතුමිය අත්සන් කළේ නෑ.පුළුවන් නම් අත්සන් කරලා තියෙනවා යැයි කියන්න.ඒකට වත් අත්සන් නොකර දැන් අධ්‍යාපන ප්‍රතිපත්ති ගේන්න හදනවා.

ජනාධිපති යාපනයට ගිහින් කරපු ප්‍රකාශය වෛරය වැපිරූ එකක්.ප්‍රභාකරන් මේ වගේ කතාවක් කිව්වා නම් ඒ ගැන දෙපාරක් කල්පනා කරන්න තිබුණා.මේ කියන්නේ රටේ ජනාධිපති.මේ රටේ බුද්ධාගම ආරක්ෂා කළ යුතු යැයි 9 වැනි වගන්තියේ සඳහන් කර තිබෙන ව්‍යවස්ථාවට අත තබා දිවුරූ ජනාධිපති මේ කතාව කියා තිබෙනවා.රටේ සිංහල බෞද්ධයෝ මේ ආණ්ඩුවට කරපු වැරැද්ද මොකක්ද?ඇයි මෙහෙම පළිගන්නේ යනුවෙන් ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *