බූස්සේ සිර මැදිරියකින් ජංගමදුරකතන හමුවෙයි

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්න රමේෂ් නමැත්තා රඳවා සිටින A කොටසේ අංක 20 සිර මැදිරියේ තිබී ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් ඇතුළු දුරකථන උපාංග කීපයක්  අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාර කඳවුරේ නිලධාරීන් සහ බන්ධනාගාර හදිසි ප්‍රතිචාර සහ උපක්‍රමික ඒකකයේ නිලධාරීන් එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම දුරකථනය සහ උපාංග තොගය සොයාගෙන ඇත.

එහිදී බන්ධනාගාර සිර මැදිරි A කොටසේ  අංක 20,21,22, 23 සිර මැදිරි විශේෂ සෝදිසි කිරීමකට ලක් කර තිබුණි.

එහිදී  බන්ධනාගාරය තුළට ගෙනයාමට තහනම් හෙරොයින්  බවට සැක කරන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1 ක්, සිම්පත් දෙකක්, ඩේටා කේබලයක්, දුරකථන බැටරි චාජරයක්, විදුලි බල්බයක් තුළ සඟවන ලද ක්ලේ ස්වල්පයක්  මන්න රමේෂ්  නැමත්තාගේ  සිර මැදිරියේ තිබී පොලිසිය සොයාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *