ආණ්ඩුව හොරාගේ අම්මගෙන් පේන අහනවා

ආණ්ඩුව හොරාගේ අම්මගෙන් පේන අහන ජාතියේ තේරීම් කාරක සභාවක් පත් කිරීමට යන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ ගැටලුවට මුහුණ දීම සඳහා මෙන්ම ඉදිරියේ මෙවැනි ප්‍රශ්නයක් ඇති බොහෝ දේට මුහුණ දීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස අප ඉල්ලා සිටියා.දැන් අපට පේන්නට තියෙන්නේ හොරාගේ අම්මගෙන් පේන අහන ජාතියේ තේරීම් කාරක සභාවක් පත් කරන්නට යන බවයි.එවැනි ක්‍රියා අප කිසි ලෙසකින්වත් අනුමත කරන්නේ නැහැ.එහි සංයුතිය ගතහොත් විපක්ෂයේ හතරක් සහ ආණ්ඩු පක්ෂයේ අටක් ඉන්නවා.අප තේරීම් කාරක සභාවක් ගේන්න ඉල්ලා සිටියේ ප්‍රශ්න ඇති කරන්න මඩ ගහන්න නොවේ.අපට එතැනින් එහා ගිය බලාපොරොත්තුවක් අපේක්ෂාවක් තිබුණා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *